(මෙම ලිපිය මැයි 16 ‘රාවය’ පත‍්‍රයේ පළ විය. අග්නි බ්ලොග් අඩවිය තුල මේ පලවන්නේ එම ලිපියේ සංස්කරණය නොකල පිටපතයි)
එංගලන්තයේ සුප‍්‍රකට හා ජනාදරයට පත් නළුවකු වු කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් හෑත්තෑඑක් වියට එළඹිමට තෙමසක් තිබිය දී අපේ‍්‍රල් හයවැනිදා නිරිතදිග ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් රෝහලේ දී මියැදුණි. 2005 වසරේ දී රැස්විමක් අමතමින් සිටිය දී තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වු ඔහු මියගියේ පුරස්ථිති ග‍්‍රන්ථයේ හටගත් පිළිකාවෙනි. 2009 වසරේ සිට නැවත වේදිකාවේ රඟපෑ කොරින් මියයන විට දී අනාගත රංගශාලීය ප‍්‍රක්ෂේපණ පිළිබඳ සංවාදයේ හවුල් කරුවෙකු ව සිටියේ ය. කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් අපේ‍්‍රල් දොළොස්වෙනිදා ලන්ඩනයේ සාන්ත පාවුඵ සොහොන් බිමේහි මිහිදන් කෙරිණි.
කොරින් රෙඞ්ගේ‍්‍රව් ඔස්කාර් සම්මානලාභී සුරූපී වැනෙසා රෙඞ්ගේ‍්‍රව්ගේ බාල සොහොයුරා ය. රෙඞ්ගේ‍්‍රව්වරු පරම්පරා ගණනාවක් ම නඵකමට කැපවුනු නව නඵරසය ඉහළින් ම මතු කළ පුද්ගලයෝ වුහ. මෙසේ මොවුන් අයත් වන්නේ රංගන කලාවේ හොඳින් මුල් බැස ගත් පෙළපතකට ය. ඇත්තට ම නම් මොවුන් එංගලන්තයේ පළමුවැනි රංගන ගෙවැස්සෝ වුහ.
ඔස්ටේ‍්‍රලියාවේ 1922 දී මියැදුණ කොරින්ගේ පිය පස සීයා රෝයි රෙඞ්ගේ‍්‍රව් වේදිකා හා නිහඩ සිනමාවේ නඵවෙකි. කොරින්ගේ පිය පස ආච්චි මාර්ගට් ස්කැඩමෝර් ද නිළියකි. කොරින්ගේ පියා මයිකල් රෙඞ්ගේ‍්‍රව් (1905-1985) බි‍්‍රතාන්‍ය වේදිකාවේ හා සිනමාවේ ගෞරවයෙන් සැලකුම් ලැබු නඵවකි. මොහු අයත් වන්නේ ලොරන්ස් ඔලිවියා, ජෝන් ජිල්ගුඞ්, රැල්ප් රිචඞ්සන් හා ඇල්ක් ගුනියස් බඳු අසහාය නළු පරපුරට සමාන්තර ව ය. කොරින්ගේ මව රචල් කෙම්සන් (1910 – 2003) වේදිකාවේ හා සිනමාවේ කීර්තිධර නිළියකි.
කොරින් රෙඞ්ගේ‍්‍රව්ගේ සොහොයුරියන් වු වැනෙසා හා ලයින් විශිෂ්ට නිළියන් දෙදෙනකි. මින් වැනෙසා රෙඞ්ගේ‍්‍රව්, ජුලියා (1978) චිත‍්‍රපටයේ රඟපෑම සඳහා ඔස්කාර් සම්මානය හිමි කර ගත් අතර, එකී සම්මානයට අමතර ව ඇය රඟපෑම සඳහා එමි, ටෝනි, කෑන්ස්, ගෝල්ඩන් ගෝල්බ් හා සිනමා නළුවන්ගේ සංසදයහි සම්මාන ලබා ගත්තා ය. වැනෙසාගේ දියණියන් වු ජොලි හා නාටාෂා ද කොරින්ගේ දියණිය වු ජෙම්මා ද නිළියෝ ය. මින් නාටාෂා හා ජෙම්මා පසුගිය වසරේ දී හිම සපත්තු ලා ගෙන හිම මත ඇවිදිමේ දී ඛේදනීය ලෙස අනතුරට පත්ව මිය ගියහ. කොරින්ගේ පුත‍්‍ර ලූක් සිනමා කැමරාකරුවකු හා සිනමා සහය නිෂ්පාදකයකු වේ.
කොරින් වෙස්ට්මිනිස්ටර් පාසැලේ ද, කින්ස් විද්‍යාලයේ ද පසුව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ද ඉගනුම ලැබුවේ ය. විශ්වවිද්‍යාලයෙන් ඉක්බිතිව ලන්ඩන් නගරයේ සුපතළ රෝයල් කෝට් නාට්‍යශාලාවට සම්බන්ධිතව රංගනය කාර්යයේ කොරින් වයස අවුරුදු 22 දී ෂේක්පියර්ගේ A Midsummer Night’s Dream නිෂ්පාදනය කෙළේ ය. ඔහු එහි දී ලයිසැන්ඩර්ගේ භූමිකාව රඟ පෑවේ ය. ඔහු ප‍්‍රශංසාවට පාත‍්‍ර වු පළමු වැනි සිනමාව වන්නේ 1964 දි ප‍්‍රදර්ශනය වු The Avengers ය.
චිත‍්‍රපටි තිස්හතකට ආසන්න ප‍්‍රමාණයක රඟ පෑ ඔහු වැනෙසා රෙඞ්ගේ‍්‍රඞ්ගේ සහය නළුවා වශයෙන් ද චිත‍්‍රපට ගණනාවක රඟ පෑවේ ය. මින් A Man of All Seasons (1966), ‘The charge of the Light Brigade (1968), Oh! What a Lovely War (1969) වඩාත් ජනප‍්‍රිය චිත‍්‍රපට වේ. කොරින් The Deadly Affair (1966) චිත‍්‍රපටයේ රඟ පෑවේ අනෙක් සොහොයුරිය වු ලයින් සමග ය. කොරින් රඟ පෑ Four Weddings and a Funeral වඩාත් පේ‍්‍රෂක අවධානයට ලක් විය.
ඔහු වේදිකාවේ දී රඟ පෑ Much Ado About Nothing, Henry iv, Part 1, Antony and Cleopatra, The Tempes’ නාට්‍ය වඩාත් ම ජනප‍්‍රිය විය. ඒ අතර ටෙනිසි විලියම්ගේ ‘Not About Nightingales’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟ පෑ කොරින්ට ‘ඔලිවියර්’ සම්මානය ලැබිණි. මේ අතර ‘ටෝනි’ සම්මානය සඳහා ද නිර්දේශ කෙරිණි. ‘ෂේක්පියර් ජන්මෝත්සව’ සම්මානය 2005 දී කොරින්ට ලැබුනේ ෂේක්පියර්ගේ ජිවිතය හා වීරකාව්‍ය පෝෂණය කිරිමට දැරු අසමාන්‍ය ප‍්‍රයත්නයට උපහාරයක් වශයෙනි. කොරින් චයිචෙස්ටර් රැඟුම්පළ වෙනුවෙන් ‘Bluntly Speaking’ නාට්‍ය තිරපිටපත රචනා කෙළේ ය.
කොරින් හා ට්‍රොට්ස්කිවාදය
කොරින් රෙඞ්ගේ‍්‍රව් පිළිබද මෙකී සැමැරැම් සටහනට හේතු වන්නේ හුදෙක් ඔහු සම්මානීය නළුවකු නිසා ම නොව ඔහු දරා සිටි දේශපාලන මතවාදයේ විශීෂ්ටත්වය නිසා වේ. ජෙරි හිලිගේ නායකත්වයෙන් යුත් බි‍්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට (එවකට සමාජවාදි කම්කරු ලීගය, පසුව කම්කරු විප්ලවවාදි පක්ෂය) 1970 මුල් භාගයේ දී ආකර්ශණය වු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛ පෙලේ කලාකරුවන්ගේ, ලේඛකයන්ගේ හා බුද්ධිමතුන්ගේ පරම්පරාවට කොරින් රෙඞ්ගේ‍්‍රව් සමගින් වැනෙසා රෙඞ්ගේ‍්‍රව් ද අයත් වුහ.
දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව බි‍්‍රතාන්‍ය ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබුණු අතර අධිරාජ්‍ය ද බිඳ වැටෙමින් තිබිණි. කම්කරු පන්තිය අබල දුබල රදල පන්තියට හා පොදුවේ පාලන තන්ත‍්‍රයට එරෙහි ව සටන් කරමින් සිටියහ. කලාකරුවෝ මාක්ස්වාදී ව්‍යාපාරය දෙසට ආකර්ශණය වීම මෙකී තත්වයේ ම පිළිඹුවක් වන අතර, බි‍්‍රතාන්‍යයේ බුද්ධිමය හා සංස්කෘතික අසාමාන්‍ය කැළඹීමකි. ඇත්තට ම ඊට පෙර දශකයන්හි සිනමාව තුළ මෙකී පෙරළිකාරිත්වයේ ඇඟවුම් දකින්නට ලැබිණි.
1950 දශකයේ මැද භාගයේ දී එංගලන්තයේ කම්කරු පන්තියේ කණ්ඩායමක් හා පහළ මධ්‍යම පන්තික ලේඛකයන් පිරිසක් එක්ව ‘Angry Young Men’ නම් වු සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙම කණ්ඩායමට ජෝන් ඔස්බොර්න්, කින්සිලි එමිස්, ජෝන් බ්‍රෙන් හා ඇලන් සිලොති අයත් වුහ. රංග ශීල්පියකු වු රිචඞ් බර්ටන් මෙකී ප‍්‍රවණතාවයේ කැපී පෙනෙන අයකු විය.
1960 මුල් දශකයේ දී ‘බි‍්‍රතාන්‍ය නව රැල්ල’ යන්නෙන් හැඳින්වු ප‍්‍රවණතාවයට එක් වු අධ්‍යක්ෂකවරුන් සිනමාවේ හා රූපවාහිනියේ වාම නැඹුරුවක් සහිත ආකෘතිවලින් යුත් චිත‍්‍රපට නිපද වුහ. මින් ලින්ඞ්සේ ඇන්ඩර්සන්ගේ This Sporting Life, කාරිල් රියස්ගේ Saturaday Night and Sunday Morning හා ටෝනි රිචඞ්සන්ගේ The Loneliness of the Long Distance Runner චිත‍්‍රපට ජනප‍්‍රියට පත් විය. මෙම ‘නව රැල්ල’ සමග ඇල්බට් ෆනී, ටොම් කොට්නේ, ඇලන් බේට්ස්, රිටා තුසින්හම් හා රිචඞ් හැරිස් වැනි නව රංග ශීල්පිහු සිනමාවට ආවෝ ය.
මෙම වකවානුවේ නිර්මාණ ගැඹුරු කලාත්මක ආස්වාදනීය නිර්මාණ නොවු වුවත් කෙළින් කියන, කුපිතකාරී ඒවා විය. එමෙන් ම බි‍්‍රතාන්‍ය සිනමාව හා වේදිකාව කම්කරු පන්තියේ ජිවිත දෙසට නැඹුරු වීම ද දකින්ට පුළුවන. සත්තකින් ම මේ නිර්මාණ භාවාතිශය නොවී ය. එහෙත් ඉහළ ම මට්ටමින් අව්‍යාජ විය.
විප්ලවවාදී කැළඹීම වැඩි වැඩියෙන් ප‍්‍රකාශයට පත් වු බි‍්‍රතාන්‍ය පන්ති සමාජය තුළ පාර්ශ්වයක් නොගෙන සිටින්නට කලාකරුවන්ට හා බුද්ධිමතුන්ට නොහැකි විය. හැටේ දශකයේ අවසාන භාගය වන විට ඒ වන විටත් කැපී පෙනෙන නිළියකු වු ද තම සොහොයුරිය වු ද වැනෙසා රෙඞ්ගේ‍්‍රව්ගේ මුලිකත්වයෙන් ලන්ඩනයේ පැවැත්වු වියට්නාම් යුද්ධයට විරුද්ධ පෙළපාලිවලට කොරින් රෙඞ්ගේ‍්‍රව් ද සහභාගි වුයේ ය. ඉනික්බිතිව කොරින් රෙඞ්ගේ‍්‍රව් 1970 දී සමාජවාදී කම්කරු ලීගයට සම්බන්ධ වුයේ ය.
කොරින් රෙඞ්ගේ‍්‍රව් තම සොහොයුරිය වු වැනෙසා රෙඞ්ගේ‍්‍රව් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනිමට සමත් වුයේ ය. මොවුන්ට සමාන්තරව මේ වකවානුවේ දී ම තවත් බොහෝ කලාකරුවන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ආකර්ශණය වුහ. ඒ අතර සිනමා හා රූපවාහිනි අධ්‍යක්ෂකවරුන්, තිර රචකයන්, නළු නිළියන්, කැමරාකරුවන්, ගායක ගායිකාවන් හා සංගීත කණ්ඩායම් ද වුහ. සමාජවාදි කම්කරු ලීගය 1971 පෙබරවාරි මාසයේ දී ඇලැක්සැන්ඩ‍්‍රරා මන්දිරයේ පැවැත්වු අති දැවන්ත ‘ටෝරි ආණ්ඩු විරෝධි රැළියේ’ දී සියයකට ආසන්න ප‍්‍රමාණයක් වු මෙම කලාකරුවන්ගේ පුර්ණ සහභාගිත්වයෙන් ඉදිරිපත් කළ ‘කම්කරු පන්තියේ වසර 200ක ඉතිහාසය’ නම් වු උපහාසාත්මක සංගීතමය වැඩ සටහනේ විස්තර ප‍්‍රකාශකයා වුයේ කොරින් රෙඞ්ගේ‍්‍රව් ය.
1971 ජුලි පළමුවෙනිදා නිකුත් වු සමාජවාදී කම්කරු ලීගයේ දිනපතා පුවත්පත වන ‘Workers Press’ හි ඉදිරිපත් වු පාඨක අදහස් ලිපි සරණියේ, ‘මම ‘Workers Press’ පත‍්‍රය කියවන්නේ ඇයි?’ යන්න පිළිබඳ ව කොරින් රෙඞ්ගේ‍්‍රව් මෙසේ අදහස් දැක්වී ය. ‘මම ‘Workers Press’ පත‍්‍රය කියවන්නේ රටේතොටේ සිදුවන්නේ කුමක් දැයි සොයා බැලිමට යි. අනෙක් පුවත්පත් පිටු 20කින් කියනදේ මේ පුවත්පතේ පිටු හතරකින් ගැඹුරින් ම අවධාරණය කරනවා. අනෙක් අතට අනෙක් පත‍්‍රවල අරමුණත් එය නෙවෙයි. ඔවුන් ‘පක්ෂග‍්‍රාහී නො වු වාර්තාකරණය’ විලාසයෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේ අරමුණ වන්නේ පාඨකයා අනවධානව තැබිම යි. එසේත් නැතිනම් ඕනෑ නැති කරුණු කෙරෙහි පාඨක අවධානය යොමු කිරිම යි. ෆීල්ට් විදියේ පුවත්පත්වලට ඇත්තේ මැයි මැස්සාගේ ජීවන චක‍්‍රය යි, ප‍්‍රවෘත්තියක් වශයෙන් ආරම්භ වී අවසාන වන්නේ අමු ම අමු කැළිකසළ ගොඩක් ආකාරයට යි. එහෙත් දැනුම යන්න ප‍්‍රවෘත්තියක් මෙන් නොව, නොනවත්වා ම වර්ධනය වන්නා වු සන්තතියකි. අන්න ඒ නිසා යි, ‘Workers Press’ පත‍්‍රයේ ඇතුල් පිටුවල විශේෂාංග ලිපි එතරම් ම වැදගත් වන්නේ. ඔවුන් ප‍්‍රවෘත්තිය ඓතිහාසික, දාර්ශනික හා විද්‍යාත්මක ආකාරයට විශ්ලේෂණය කරනවා.’
පක්ෂයේ නළුවන්ගේ සංසදය ඉදිරිපත් කළ ‘කොම්වෙලියානු විප්ලවය’, ‘රුසියානු විප්ලවය’, ‘අවපාත කාලපරිච්ජේද’, ‘ස්ටැලින්ගේ මර්ධනය යටතේ රුසියාව’ යන නාට්‍ය රචනා කොට අධ්‍යක්ෂණය කළේ කොරින් රෙඞ්ගේ‍්‍රව් විසිනි.
ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ආකර්ශණය වු බොහෝ කලාකරුවන් මෙන් නොව කොරින් රෙඞ්ගේ‍්‍රව් සුවිශේෂ ලෙස මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය ගැඹුරින් අධ්‍යයනය කිරිමටත්, සමාජවාදි මුලධර්ම මත කම්කරු පන්තිය තුළ පක්ෂයක් ගොඩ නැගීමටත් නැඹුරු වුයේ ය.
එහෙත් මෙම ප‍්‍රයත්නය මුදුන් පත් කර ගැනිමට බි‍්‍රතාන්‍ය තුළ හා ජාත්‍යන්තරව වර්ධනය වු දේශපාලනය කොරින්ට වාසිදායක තත්වයක් නිර්මාණය නො කෙළේ ය. එහෙයින් කොරින් රෙඞ්ගේ‍්‍රව්ගේ දේශපාලන ජිවිතය කෙබඳු හැඩගැස්මක් කරා යොමු වුයේ දැයි පිරික්සිමට නම් ඔහු නියෝජනය කළ පක්ෂයට සම්බන්ධිතව විමසා බැලිය යුතු වේ. 70 දශකය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට මෙන් ම එහි නායකත්වයේ සිටි බි‍්‍රතාන්‍ය ශාඛාවට ද ඉමහත් වැදගත් කාලපරිච්ජේදයක් විය. 1974 දී බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂය ජයග‍්‍රහනය කිරීම, යුරෝපයේ දේශපාලන ජිවිතය ‘සාමාන්‍යකරනයට’ පත්විම, 1974 දී පෘතුගාල විප්ලවය පරාජය වීම, ස්පාඤයේ ෆ‍්‍රැන්කෝවාදය ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැරීම යන සියලූ සංසිද්ධින් තුළින් සමාජවාදි කම්කරු ලීගයේ නායකත්වය බි‍්‍රතාන්‍ය හා යුරෝපියානු කම්කරු පන්තියේ විප්ලවවාදි ශක්‍යතාවය පිළිබ`ද අසාරදර්ශනයක් ඇති කර ගැනිණි. මින් වෘත්තීය සමිති නිලධාරි තන්ත‍්‍රයට, ජාතික ධනපති පන්තියට, කැස්ත්‍රෝවාදින්ට හා මාඹ්වාදින්ට එරෙහිව මාක්ස්වාදය මත පදනම්ව විප්ලවවාදි පක්ෂය ගොඩ නැගීම හිතාමතාම අත්හරිනු ලැබු සමාජවාදි කම්කරු ලීගය ධනේශ්වර ජාතික විමුක්ති ව්‍යාපාර දෙසට, විශේෂයෙන් ම මැද පෙරදිග දී, හැරුණු අතර දේශීය වශයෙන් බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිති නිලධාරි තන්ත‍්‍රය බදා වැළඳ ගැනිණි.
70 දශකයේ මැද භාගය වන විට කොරින් හා වැනෙසා දෙදෙනා ම කම්කරු විප්ලවවාදී පක්ෂයේ (පෙර සමාජවාදි කම්කරු ලීගය) මධ්‍යම කාරක සභාවට හා දේශපාලන කමිටුවට තේරී පත් වන්නේ මෙම සන්දර්භය තුල දී යි. මේ වකවානුවේ දී ම කොරින් රෙඞ්ගේ‍්‍රව් විප්ලවවාදි කොමිනියුස්ට් සංගමයේ (සමාජවාදි සමානතා පක්ෂයේ පෙර ගමන්කරු) සම්මේලනයකට සහභාගිවිමට ලංකාවට පැමිණියේ ය.
ජෙරී හිලිගේ නායකත්වයෙන් යුත් කම්කරු විප්ලවවාදි පක්ෂය බි‍්‍රතාන්‍ය තුළ මාක්ස්වාදි පක්ෂයක් ගොඩ නැගිමේ වගකිමෙන් අපසරණය වීමට එරෙහිව ජාත්‍යන්තර ට්‍රොට්ස්කි ව්‍යාපාරය තුළ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදින් දේශපාලනිකව හා න්‍යායාත්මකව ආරම්භ කළ අරගලය කොරින් රෙඞ්ගේ‍්‍රව්ට තේරුම් ගත නොහැකි වු අතර, ඔහුගේ දේශපාලන හා පුද්ගලික ජිවිතය අර්බුදයකට යෑම 70 දශකයේ අවසාන භාගයේ හා 80 දශකයේ මුල් භාගයේ දී පැහැදිලිව ම දකින්නට ලැබිණි. මේ අරගලයේ දී කොරින් රෙඞ්ගේ‍්‍රව් හිලිගේ පාර්ශ්වය සමග එක්වු අතර, 1985 ශරත් සෘතුවේ දී ජාත්‍යන්තර කමිටුවෙන් ජෙරී හිලි නෙරපා හරින විට ඔහු සමග එක්ව ගියේ ය.
මින් කොරින් රෙඞ්ගේ‍්‍රව්ගේ බරසාර දේශපාලන ජිවිතය අවසන් විය. ඉන් පසු කොරින් 2004 දී ‘මාක්ස්වාදි පක්ෂය’ නම් වු සංවිධානයක් ගොඩනගා ගත් අතර, එකී සංවිධානය පලස්තීන ප‍්‍රශ්නය, වර්ගවාදය, ලෝක සාමය හා මානව අයිතිවාසිකම් පිලිබඳ ව උද්ඝෝෂණය කෙරිණි. පසුව ඔහු දේශපාලනය කාර්යයන්හි නිරත වෙන අතරේ ම නැවත රඟපෑම ආරම්භ කෙළේ ය.
70 දශකයේ බි‍්‍රතාන්‍ය විප්ලවවාදී ව්‍යාපාරයට ඇදී ආ කලාකරුවන් හා බුද්ධිමතුන් සත්‍ය වශයෙන් ම ඒ යුගයේ උත්කෘෂ්ටය නියෝජනය කළ අතර, ඔවුහු අතිශය දක්ෂ හා මානුෂිය ගුණාංගයන්ගෙන් හෙබි මිනිසුන් පිරිසකි. රෙඞ්ගේ‍්‍රව් සම්බන්ධයෙන් සැලකු කළ මෙසේ පැවසිය හැකි ය. ඔහු කළ දේවල් පිළිබඳ හොඳ වේවා නරක වේවා ඔහු වගකිව යුතු නමුත් එම ක‍්‍රියාකාරකම් මෙහෙයවන ලබන්නේ ඔහුට බාහිරව පැවති සන්තතින් මගිනි. කොරින් රෙඞ්ගේ‍්‍රව් තුළ මෙන් ම ඔහු අයත් වු පරම්පරාවේ ඉහළ ම මුර්තිය වන ආත්ම පරිත්‍යාගයට අපි ආචාරය කරමු.

කොරින්ගේ පියා පියානාව වාදනය කරන අතර කොරින් සමග ගායනයට එකතු වෙමින් මව, සොයුරියන් වු වැනෙසා හා ලයින් සන්ධ්‍යාවක් ගත කරයි.
(ලෝක සමාජවාදි වෙබ් අඩවිය ඇසුරෙනි)

