සංස්කෘතිය ගැන

පසු ගිය දාක අපි ෂැතුරා විදුලි බලාගාරය විවෘත කළෙමු. වගුරු බිමක් මත තැනූ එය අපගේ හොදම ඉදිකිරීම් වලින් එකකි. මොස්කව් සිට ෂැතුරාවට ඇත්තේ කිලෝමීටර් 100 ක පමණ දුරක් පමණි. එය දෙතැන සිට අතට අතදී ගත හැකි තරම් ස්වල්ප දුරකැයි කියන්නට පුළුවන. එහෙත් තත්වය අතින් මහත් වෙනසකි. මොස්කව් නුවර යනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මධ්‍යස්ථානයයි. එතැන් සිට කිලෝමීටර් තිහහතලිහක් ගිය කල්හි හිමෙන් වැසුනු ෆර් ගස්වලින් ද, මිදී ගිය ගොහොරු බිම් වලින් ද, කුරිරු වග වලසුන්ගෙන් ද ගහන වූ පිටිසරබඳ වනාන්තරත් හිම යට කිරා වැටෙන, දැව මුවා පැල්පත් සහිත අන්ධකාර කුඩා ගම්මානත් හමුවේ. ඇතැම් විටක ඔබට රිය මැදිරි කවුළුවෙන් වෘකයන්ගේ අඩිපාරවල්ද දැකගත හැකිවේ. වර්ෂ කිහිපයකට පෙර ඉදිකිරීම් කටයුතු අරඹන කාලයේ අද ෂැතුරා බලාගාරය නැගී සිටින තැන ගෝන්නු තිප්පොළවල් සාදාගෙන සිටියා හු ය. අද දින වොල්ට්ස් 115,000 ක විදුල් බලය දරන කම්බි හිසින් ගත් දැකුම් කලු ලෝමුවා කණු පෙළක් විසින් මොස්කව් හා ෂැතුරා අතර දුර ප්‍රමාණය මකා හැර ඇත. ලබන වසන්ත සමයේදී වෘක දේනුන් මේ ලෝ මුවා කණු පාමුල පාටවුන් ගසනු ඇත. අපගේ සමස්ථ සංස්කෘත්යේ ම සැටි මෙසේය. එක් අතකින් තාක්ෂණයේත් සාමාන්යීකරණ චින්තනයේත් ඉහලම ජයග්‍රහන යන්ගෙන්ද අනෙක් අතින් ටයිගාවල ආදි කල්පිත තත්වයන්ගේ අත්‍යන්ත ප්‍රතිවිරෝධතාවයන්ගෙන්ද අප සංස්කෘතිය සැදුම් ලැබ ඇත. (උපුටා ගැනීම:- සංස්කෘතිය හා සමාජවාදය – ලියොන් ට්‍රොට්ස්කි – පරිවර්තනය – සුචරිත ගම්ලත්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.